May 10, 2024

අධිවේගී මාර්ගවල යන සියලු ගිලන් රථ ගාස්තුවෙන් නිදහස්

December 13, 2021

අධිවේගී මාර්ග වල ධාවනය කරන සියළුම ගිලන් රථ සදහා අය කල අධිවේගී මාර්ග ගාස්තු මුලුමනින්ම නිදහස් කිරිමට පියවර ගත් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව රජයේ සහ පෞද්ගලික රෝහල් වලට අනුබද්ධිත සියලු ගිලන් රථ වලට මෙම සහනය හිමි වෙනවා.

මීට පෙර ගිලන් රථ වලින් අධිවේගී මාර්ග ගාස්තු අය කල අතර, කොවිඩ් වසංගතය හේතුවෙන් රටේ පැවති තත්ත්වය සැලකිල්ලට ගෙන පසුගිය මැයි 20වන දින සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අධිවේගී මාර්ග වල ගමන් ගන්නා සියළුම ගිලන් රථ අධිවේගී මාර්ග ගාස්තුවෙන් නිදහස් කර තිබු බවද අමාත්‍යවරයා සඳහන් කළා.

Rate this item
(0 votes)

Related items