May 07, 2024

රටම හොයපු ගිවිසුම අනුර කුමාරගෙන් පාර්ලිමේන්තුවට (VIDEO) Featured

December 10, 2021

ඇමරිකාවේ නිව් ෆොට්‍රස් සමාගම සමග මුදල් අමාත්‍යාංශය අත්සන් කළ ගිවිසුම අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අද (10) සභාගත කළා.

එම ගිවිසුම අත්සන් කර තිබුණේ කෙරවළපිටිය යුගදනවි බලාගාරයේ මුදල් අමාත්‍යාංශය සතු 50% ක කොටස ඇමරිකාවේ ඉහත සඳහන් සමාගමට ලබා දීම සඳහායි.

කතානායකගෙන් කළ ඉල්ලීම

එම ගිවිසුම පාර්ලිමේන්තුවට ලබාදෙන ලෙස විපක්ෂයේ සියලු පක්ෂ ආණ්ඩුවෙන් කිහිප විටක්ම ඉල්ලීම් කළා.

මීට දින කිහිපයකට පෙ රනිල් වික්‍රමසිංහ හා අනුර කුමාර දිසානායක යන පක්ෂ නායකයින් විසින්ද එම ගිවිසුම පාර්ලිමේන්තුවට ලබාදෙන ලෙස කතානායකවරයාටද දැනුම් දුන්නා.

තමා එම ගිවිසුම ඉල්ලා මාස එක හමාරක් පමණ ගත වන බව එහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළා.

සභානායක පොරොන්දුව

අය - වැය විවාදයේදී එම ගිවිසුම නැතිව ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට නොහැකි බවයි විපක්ෂයේ පෙන්වා දුන්නේ.

එම ගිවිසුම පාර්ලිමේන්තුවට ලබාදීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව ඒ අවස්ථාවේදී සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළා.

එහෙත් අය - වැය විවාදයේ අවසන් දිනය වන අද (10) දක්වාම මගේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ.

එම වීඩියෝව පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Friday, 10 December 2021 18:19