May 06, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ක්‍රීඩා සැණකෙළියේ - ජයගත් මන්ත්‍රීවරු මෙන්න

December 10, 2021

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ක්‍රීඩා තරගාවලිය ඊයේ (09) පාර්ලිමේන්තුවේ බිලියඩ් ශාලාවේදී පැවැත්වුණා.

තරග සංවිධාන කර තිබුණේ දාම්, චෙස්, කැරම්,ස්නූකර් සහ මේසපන්දු යන අංශ ඔස්සේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ක්‍රීඩා තරගාවලිය ‍මෙවර සංවිධාන කර තිබුණේ දෙවන වරටය.

මෙහිදී දාම් අංශයේ ශූරතාවය පාර්ලිමේන්තු මන්ත්‍රී W.H.M. බණ්ඩාර මහතා විසින් දිනාගත් අතර එහි අනුශූරතාවය රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් දිනාගනු ලැබුවා.

මේස පන්දු අංශයේ ශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා දිනාගනිද්දී එහි අනුශූරතාවය හිමිවුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද මහතාටය.

චෙස්, කැරම්, ස්නූකර් යන තරග අංශ තුනේම ශූරතාවය මන්ත්‍රී ගයාශාන් නවනන්ද දිනාගැනීම විශේෂත්වයක්.

චෙස් සහ ස්නූකර් යන අංශවල අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා දිනාගත් අතර කැරම් අංශයේ අනුශූරතාවය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා දිනාගත්තා.

තරගාවලියේ ජයසංකේත සහ සහතිකපත්‍ර ප්‍රදානය කිරීමද ඊයේ පස්වරුවේ සිදු කෙරුණි.

Rate this item
(0 votes)

Related items