April 27, 2024

‘‘අග්‍රා‘‘ බිල්ඩිමේ අකුණු සන්නායකයට පොලිස් ආරක්ෂාව - නාදුනන කල්ලියක් බිමත් පරීක්ෂා කරලා

December 14, 2021

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පිහිටි "අග්‍රා" ගොඩනැගිල්ලෙහි අකුණු සන්නායකය අවසරයකින් තොරව කිහිප දෙනකු පරීක්ෂා කරන අයුරු දිසා ලේකම් කාර්යාලයේ සවිකර ඇති ආරක්ෂක කැමරාවක සටහන් වී ඇතැයි ගම්පහ මූලස්ථාන පොලීසිය පවසනවා.

වසර සීයකට වඩා පැරණි මෙම ගොඩනැගිල්ලේ ආරක්ෂාවට සවිකර ඇති අකුණු සන්නායකය භූගතකොට ඇති ස්ථානයට පැමිණ ඇති දෙදෙනකු විසින් එම සන්නායකය සවිකර ඇති භූමිය කිසියම් උපකරණයකින් පරීක්ෂාවට ලක් කරන ආකාරය ඒ අසල තිබූ ආරක්ෂක කැමරාවක සදහන්ව ඇති බව පොලිසියට කළ පැමිණිල්ලෙහි සදහන් වෙනවා.

මෙම පිරිස පැමිණි වාහනය පිළිබඳ තොරතුරු ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නිලධාරීන් පොලීසියට ලබාදී තිබෙනවා.

පැමිණි පිරිස ගොඩනැගිල්ලෙහි අකුණු සන්නායකයෙහි වටිනාකම සම්බන්ධයෙන් කිසියම් පරීක්ෂාවකට ලක් කළේද යන්න පොලීසිය සැක කරයි.

මේ වන විට සන්නායකය භූගතකොට ඇති ස්ථානයට පොලිස් ආරක්ෂාව සැලසීමට පියවර ගෙන තිබෙනවා.

මෙම සන්නායකය භූගතකොට ඇති ස්ථානයට, මීට කලකට පෙර ආරක්ෂක කැමරාවක් සවිකිරීමට හිටපු දිසාපති සුනිල් ජයලත් මහතා පියවර ගෙන තිබුණා. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 December 2021 02:01