May 03, 2024

තවත් ගෑස් උදුනක් පිපිරි යයි - ගෑස් සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවක් (PHOTOS)

December 07, 2021

හැටන් වැලිඔය වත්තේ මැද කොටසේ වතු නිවසක මුළුතැන්ගෙහි තිබු ගැස් උදුන පුපුරා ගොස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයෙන් ගෑස් කාන්දුවන් සිදු වි ඇති බව වටවල පොලිසිය පැවසුවා.

අද (07) දින පස්වරු 1.30ට පමණ එම නිවසේ කාන්තාවක් ආහාර පිසමින් සිටින අවස්තාවේ එකවරම විශාල ශබ්දයක් සමග ගෑස් උදුන පුපුරා ගිය බවත්, පසුව එම කාන්තාවගේ සැමියා පැමිණ ගෑස් සිලින්ඩරය රෙගුලේටරයෙන් ගලවා නිවසින් ඉවතට දමා ඇති අතර , එම සිලින්ඩරයේ ගෑස් කාන්දුවක්ද පවතින බවයි ඔහු කියා සිටියේ.

මිට දින කිහිපයකට පමණ ප්‍රථම මෙම ගෑස් සිලින්ඩරය හැටන් ප්‍රදේශයෙන් මිලදි ගෙන ඇති අතර පිපිරිමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර පිපිරිමෙන් නිවසේ මුළුතැන්ගෙට සුළු අලාභ හානි සිදු වි තිබෙනවා.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)