May 14, 2024

නිවාස දෙකක ගෑස් සිලින්ඩර්වල කාන්දුවක් - පොලිසිය දුන් නියෝගය (PHOTOS)

December 06, 2021

නෝර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි වතු යායේ හොන්සි කොටසට අයත් වතු නිවාස දෙකක භාවිතය සදහා රැගෙනවිත් තිබු  ගෘහස්ථ ගෑස්‌ සිලින්ඩර් දෙකක ගෑස්‌ කාන්දුවක් හේතුවෙන් එම ගැස් සිලින්ඩර් දෙක භාවිතයට නොගන්නා ලෙස ඊයේ (05) දින රාත්‍රියේ නොර්වුඩ් පොලිසිය විසින් එම නිවාස වල පදිංචි වතු කම්කරුවන් වෙත උපදෙස් ලබා දි තිබෙනවා.

හැටන් ප්‍රදේශයේ ගැස් අලෙවි නියෝජිතයෙකුගෙන් මිට දින කිහිපයකට ප්‍රථම ගෘහස්ථ ගෑස්‌ සිලින්ඩර් පහක් එම වතු නිවාස පේලියේ පදිංචිකරුවන් එකම ත්‍රිරෝද රථයෙන් රැගෙනවිත් ඇති අතර, එම ගෑස්‌ සිලින්ඩර් ඊයේ (05) දින පස්වරුවේ භාවිතයට ගන්නා අවස්තාවේ ඉන් ගෑස්‌ සිලින්ඩර් දෙකකින් ගෑස්‌ කාන්දු වු බවත්, එසේ ගෑස්‌ කාන්දු වු එක් ගෑස්‌ සිලින්ඩරයකින් සුළු ගින්නක්ද හටගත් බවයි වතු කම්කරුවන් කියා සිටියේ.

ගෑස්‌ කාන්දුව සම්බන්ධයෙන් නොර්වුඩ් පොලිසියේ නිලධාරින් ඊයේ (05) දින රාත්‍රියේ එම වතු යායට ගොස් ගෑස්‌ කාන්දු වු ගැස් සිලින්ඩර් දෙක නිවාස වලින් ඉවත් කිරිමටත් ඒ පිලිබදව ගැස් එජන්තවරයා දැනුවත් කර වෙනත් ගෑස්‌ සිලින්ඩර් දෙකක් ලබා ගන්නා ලෙස උපදෙස් ලබා දි තිබෙනවා.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)