May 11, 2024

ඖෂධ ගන්නේ බලාගෙනයි - ඖෂධ හල් රැසක් වැටලීමේදී හමු වූ දේ

December 06, 2021

කල් ඉකුත් වූ ඖෂධ හා ආහාරපාන  විකිණිමට ප්‍රදර්ශනය කර තිබු ඔසුහල් හා වෙළදසැල්හිමියන් 23 දෙනෙකු නොවැම්බර් මාසය තුලදි කොටු කරගැනිමට හැකි වු බව ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

මෙකී වැටලිම්වලදි ඔසුහල් හිමියන් 07 දෙනෙකු පමණ කොටු කරගෙන ඇති අතර ඖෂධ අසුරා තිබු  ඇතැම් ඇසුරුම්වල  කල්ඉකුත් වූ දිනය පවා පාරිභෝගිකයින්ට බලා ගැනිමට නොහැකි අයුරින් මැකී ගොස් තිබු බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

කල්ඉකුත් වූ ඖෂධ සිය භාරයට ගත් බව පවසන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ විමර්ශන නිලධාරින් කල්ඉකුත් වූ ඖෂධ හා ආහාරපාන විකිණිමට ප්‍රදර්ශනය කිරිම සම්බන්දයෙන් ඔසුහල් හිමියන් හා වෙළදසැල් හිමියන්ට විරුද්ධව ඉදිරියේ දි නඩු පවරන බවද පවසනවා.

ඇල්පිටිය, බද්දේගම, ගාල්ල යන ප්‍රදේශවලදි මෙකි වැටලිම් සිදුකොට තිබෙනවා.

 

Rate this item
(0 votes)