April 28, 2024

"ජනතාව බියෙන් - ගෑස්වලට නීතියක් නැහැ"

December 05, 2021

"ගෑස් සම්බන්ධ මෙහෙම වෙන කිසිම දේකට නීත්‍යානුකූල ක්‍රමවේදයක් හදලා  නැහැ. මේ හැම දෙයක්ම සදහා ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. මේවට ප්‍රතිපත්තියක් හදන්න ඕන. මේකට විතරක් නෙවෙයි මේ හැම දෙයක්ම සදහා ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ‍මේකට ඉක්මන් තිරසාර විසදුමක් දීලා ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන." යැයි කුඩා වැවිලි භෝග ආශ්‍රිත අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවා.

අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පල කර සිටියේ කොළොන්න ප්‍රදේශයේ අපනයන ගම්මාන පිහිටුවීමේ වැඩසටහනකට එක්වීමෙන් අනතුරුවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ,

ගෑස් සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. නැත්නම් මේ විදියට මෙතෙක් කල් මෙහෙම සිදුවීම් මේ විදියට වෙලා නැහැ. මේ සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තුවේදීත් කතා කලා. මේ ගෑස් සමාගම් ඇවිත් ඒ අයගේ අදහසත් කිව්වා. මේ පිපිරීම් සිදුවන්නට යම්කිසි වැරැද්දක් තියෙනවා. එසේ නොමැතිව මෙහෙම වෙන්න විදියක් නැහැ. මේ සම්බන්ධයෙන් අපි පරික්ෂණයක් කරනවා. මේ වෙලාවේ රජය, ජනතාව, මේ අපි සියලුදෙනාම හැමෝම බයෙන් ඉන්නේ තමන්ගේ ගෙදර ගෑස් සිලින්ඩරය කොයි වෙලාවේ පුපුරයිද කියලා. ඒක ඒ බය මේ කතා කරන මටත් තියෙනවා. මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් කරලා මේකට විසදුමක් දෙන්න ඕන. ‍මොකද මේ රටේ ගෑස් වලින් විතරක් ඒවා පාවිච්චි කරන පවුල් විසිහතර ලක්ෂයක් ඉන්නවා. විශාල පිරිසක් ගෑස් පාවිච්චි කරනවා. ජනතාවට බය නැතිව තමන්ගේ ගෑස් ලිපේ උයාගන්න පුලුවන් වෙන්න ඕන."

"එක වෙලාවෙදි ගෑස් සමාගම් කියනව අපේ ගෑස් සිලින්ඩරය කොහේවත් පිපිරිල නැහැ කියලා. හැබැයි ගෑස් සිලින්ඩරය පිපුරුවේ නැති වුනාට වෙන මොකක් හරි කෑල්ලක් පුපුරනවා. ජනතාව හුගක් බයෙන් ඉන්නේ. අපි ඉක්මනින් මේ ප්‍රශ්නය විසදලා දිය යුතුයි. මේ සමාගම් රජයේද පුද්ගලිකද කියන එක අදාල නැහැ. මොන සමාගම වැරැද්ද කලත් ඒ අයට විරුද්දව කටයුතු කල යුතුයි."

(ඇඹිලිපිටිය - ප්‍රගීත් ජනක)

Rate this item
(0 votes)