April 26, 2024

යුධ හමුදාපති යටතට තවත් ක්‍රියාන්විතයක්

December 04, 2021

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ජනපතිවරයා තවත් වගකීමක් භාර දී තිබෙනවා.

දැනට උසුලන කොවිඩ් මර්දන බළකායේ ප්‍රධානී ධුරයට අමතරව යුද හමුදාපතිවරයාට අලුතින් පිහිටුවීමට නියමිත හරිත
කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මූලිකත්වයද භාර දීමටයි ජනපතිවරයා තීරණය කර තිබෙන්නේ.

පොහොර සමාගම් ඒකාබද්ධ කිරීම

එය පිහිටුවනු ලබන්නේ රජයේ පොහොර සමාගම් 2 ඒකාබද්ධ කොටයි.

එසේ ඒකාබද්ධ කොට ජාතික කාබනික පොහොර හා බෙදාහැරීමේ සමාගම ලෙස කටයුතු කිරීමේ වගකීම මෙම මධ්‍යස්ථානයට පැවරෙනවා.

පැවරෙන වගකීම

නිසි කලට ගොවීන්ට පොහොර නොමිලේ ලබාදීම මෙම ක්‍රියාන්විතයට පැවරෙන ප්‍රධාන වගකීම වනවා.

ඊට අමතරව ගණ හා දියර කාබනික පොහොර ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය කිරීම සඳහා දිරි ගැන්වීමේ වගකීමක් යුද හමුදාපතිවරයා යටතේ ඇති මෙම ක්‍රියාන්විත මධ්‍යස්ථානයට පැවරෙන අනිකුත් වගකීමද වනවා.

Rate this item
(5 votes)
Last modified on Saturday, 04 December 2021 14:50