April 18, 2024

ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයාට රුසියාවේ දී ඉහළම හමුදා උත්තමාචාරයක් හිමිවෙයි (PHOTOS)

රුසියානු එක්සත් සමුහ ආණ්ඩුවේ භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව්ගේ සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරාධනයෙන් රුසියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පසුගිය 25 වැනිදා රුසියානු සංචාරයක නිරත වුණා.

රුසියානු හමුදාව විසින් මෑත කාලීනව පිරිනැමු ඉහලම සම්මාන ආචාර පෙලපාලියක ගෞරවාචාරයද එහිදී යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ලබා තිබුණු බවයි වාර්තා වන්නේ. ‍

මෙම ආචාරවලින් අනතුරුව යුද හමුදාධිපතිවරයා විසින් මොස්කව් ක්‍රෙම්ලිනයේ ඇලෙක්සැන්ඩ්‍රොව්ස්කි උද්‍යානයේ පිහිටි ‘Tomb of the Unknown Soldier’ රුසියානු රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කර සිටියා.

ඉන්පසුව මොස්කව් නුවර පිහිටි අවි ආයුධ කෞතුකාගාරය නැරඹීමට ද හමුදාපතිවරයා එක්ව තිබුණා.

පසුව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා රුසියාවේ සංචාරය අතරතුර මොස්කව් නුවර පිහිටි උසස් ඒකාබද්ධ යුද අණදෙන පාසල හි සේනාංවිධායක මේජර් ජෙනරාල් රෝමන් බින්යුකොව් , නාරෝ-ෆොමින්ස්ක් ප්‍රදේශයේ පිහිටි 4 වන ආරක්‍ෂක සන්නද්ධ රථ සේනාංකයේ සේනාංකාධිපති සහ මිහයිලොව්ස්කායා පිහිටි හමුදා කාලතුවක්කු විද්‍යාපීඨය හි සේනාවිධායක ද හමුවී තිබෙනවා.

රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් 2020 වර්ෂයේ පෙබරවාරි මස ශ්‍රී ලංකාවේ සිදුකල සංචාරය අතරතුර රුසියාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත විවෘත ආරාධනාවක් කර තිබුණා.

නමුත් කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලෙස ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා වගකීම් සහිත කාර්යභාරයක් ඉටු කිරීම හේතුවෙන් රුසියානු භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානි විසින් සිදුකල ආරාධනය පසුවට කල්දැමීම සිදුවුණා.

හමුදාපතිවරයාගේ සංචාරයේ ඡායාරූප පහතින්,

Rate this item
(2 votes)
Last modified on Wednesday, 27 October 2021 10:47