March 28, 2024

උතුරේ සංවර්ධනයට යුද හමුදාපතිගෙන් ආණ්ඩුකාරවරයාට සහතිකයක්

November 04, 2021

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අද (04) යාපනය ප්‍රදේශයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එහිදී යුද හමුදාපතිවරයා උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා යාපනය පිහිටි ඒ මහතාගේ නිල නිවසේ දී හමු වුණා.

දෙපාර්ශවය අතර උතුරු පළාතේ ජන ජීවිතය ශක්තිමත් කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබු අතර, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ආණ්ඩුකාරවරයා හට ප්‍රකාශ කළේ උතුරු පළාතේ මේ වන විට කරගෙන යන සංවර්ධන කටයුතු තව තවත් ශක්තිමත් කරමින් සහ වේගවත් කරමින් පැන නැගී ඇති ගැටලු කඩිමින් විසදීමට ශ්‍රි ලංකාව යුද හමුදාවේ සහයෝගය උපරිම අයුරින් ලබා දී ජනතාවගේ දෛනික ජීවිතය ශක්තිමත් කිරීමට උපරිම සහයෝගය ලබා දෙන බවයි.

Rate this item
(0 votes)