May 06, 2024

අගමැතිගේ ප්‍රධානත්වයෙන් අද රැස්වීමක් : ආරාධනය ඔරිජිනල් පොහොට්ටු මන්ත්‍රීවරුන්ට පමණයි

December 04, 2021

අද (4) සවස 6ට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

එම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙන්නේ අරලියගහ මන්දිරයේදී.

විශේෂත්වයක් තිබෙන විශේෂ රැස්වීම

එම රැස්වීමේ විශේෂත්වයක් තිබෙනවා.

ඒ එම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක්ම නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට පමණක් ආරාධනා කිරීමයි.

එම රැස්වීමේ සාකච්ඡා වන්නේ කුමන කරුණුදැයි ආරාධිත මන්ත්‍රීවරුන් වෙත දන්වා යවා නැහැ.

කැරලි කණ්ඩායම

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ අනිකුත් සන්ධානගත පක්ෂ හා සංවිධාන වල මන්ත්‍රීවරුන්ට ඊට ආරාධනා කර නැහැ.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන , විමල් වීරවංශ , වාසුදේව නානායක්කාර , උදය ගම්මන්පිල මහත්තුරු ඇතුළු ඔවුන්ගේ නායකත්වයෙන් යුත් පක්ෂ වල මන්ත්‍රීවරුන්ට මෙම සාකච්ඡාවට සහභාගි වීමට බැහැ.

අග්‍රාමාත්‍යවරයා මෙම රැස්වීම කැඳවා තිබෙන්නේ ජනපතිවරයාද රටේ නොමැති අවස්ථාවකයි.

ජනපතිවරයා මේ වන විට සිටින්නේ විදෙස්ගතව.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 04 December 2021 14:54