May 02, 2024

මනුෂ සල්ලි වලට එහාට මෙහාට පැනපු හැටි රාජ්‍ය ඇමැති කියයි

December 04, 2021

මනුෂ නානයක්කාර මන්ත්‍රීවරයාගේ පැටිකිරිය කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේ ඔහුට චෝදනා රැසක්ද නගමින්.

සමගි ජන බලවේගය නියෝජනය කරන නානයක්කාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන බවට රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලා.

පාර්ලිමේන්තුවෙන් පිටත කියන්න

ඒ දේවල් හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටත හෝ උද්ඝෝෂණයක් තබා හෝ කියන ලෙසද සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා ධීවර සංස්ථාවේ යම් දූෂණයක් සිදු ව තිබේ නම් ඒ පිළිබඳව සමගි ජන බලවේග හෝ ජනතා විමුක්ති පෙරමුණ වෘත්තීය සමිති වලට හෙළිදරව් කරන ලෙසටත් අභියෝග කලා.

2015දී මනුෂ නානයක්කාර මන්ත්‍රීවරයා තම පාර්ශවයේ සිටි ආකාරය රාජ්‍ය අමාත්‍යවරයා මතක් කර දුන්නේ ඒ අවස්ථාවේ ඔහු කළ කී දේද හෙළිදරව් කරමින්.

එහාට මෙහාට පැනීම

ණය වාරික වලට කැපුනම රු. 20,000 ඉතුරු වෙන්නේ ඒ නිසා ආණ්ඩුවට ගිහිල්ලා තමයි බේරෙන්න වෙන්නේ කියලා දෙවැනි වතාවට පාර්ලිමේන්තු ආ නානයක්කාර මන්ත්‍රීවරයා ඒ අවස්ථාවේ ප්‍රකාශ කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එහා පැත්තට මෙහා පැත්තට පනින්න මුදල් ගත්ත මිනිස්සු ගැන කතා කරන්න තමා සූදානම් නැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පෞද්ගලිකව තමාට ප්‍රහාරයක් එල්ල කරාට ඊට කම් නැති බවද සඳහන් කරමින්.

පෞද්ගලික මඩ ප්‍රහාර

ඊයේ (3) දින පාර්ලිමේන්තු විවාදයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කතා කිරීමෙන් පසු අවසානයට කතා කළ නානයක්කාර මන්ත්‍රීවරයා වරප්‍රසාද වලට මුවා වී ආණ්ඩු පක්ෂ නියෝජිතයන්ගේ පෞද්ගලික දේවල් පවා හුවා දක්වමින් චෝදනා කළ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ නිසා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී අසත්‍ය ප්‍රකාශ කරණ එක වැලැක්වීමට කටයුතු කරන ලෙස ඇමතිවරයා කථානායකවරයාගෙන් ඉල්ලීමක්ද කළා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 04 December 2021 15:11