May 02, 2024

සමගි ජන බලවේග ප්‍රබලයාව අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවට කැඳවයි

September 19, 2021

සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක‍්‍රියාත්මක කරනු ලබන පරීක්ෂණයකට සහාගීවීම සදහා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී තිබෙන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක ව්‍යෝහාරික විගණන අංශය මඟින් සිදුකරනු ලබන තොරතුරු ලබාගැනීම සදහා ඩිජිටල් ව්‍යෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා මෙසේ ලබන 20 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යෝහාරික විගණන අංශයේ ස්ථානාධිපතිවරයා හමුවට පැමිණෙන ලෙස දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් තමන් කැදවා ඇත්තේ කුමන විමර්ශනයටදැයි යන්න අනාවරණය නොකිරීම නිසා නීතීඥ උපදෙස් මත ඉදිරි පියවර ගන්නා බව මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ප‍්‍රකාශ කර තිබෙනවා.

මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිනුමේ තැබූ එම සටහන පහතින්,

"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක ව්‍යෝහාරික අංශය විසින් සිදුකරනු ලබන විමර්ෂණයකට අදාලව තොරතුරු ලබාගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට මා වෙත දැනුම්දීමක් කර ඇත. එහෙත් කුමන පැමිණිල්ලක් සම්බන්ධයෙන්, කවරාකාරයේ විමර්ෂණයක් සම්බන්ධයෙන් මා කැදවන්නේද යන්න සදහන් කර නැත.

විමර්ෂණ අධිකාරියක් විසින් සිදුකරනු ලබන ඔ්නෑම නීත්‍යානුකූල විමර්ෂණයකට අදාලව සාක්ෂි ලබාදීමටත්, එකී පරීක්ෂණ ඉදිරියට ගෙන යාමටත් මාගේ උපරිම සහාය ලබාදීමට සෑම විටම බැදී සිටින බව සිහිපත් කරමි. එහෙත් සිදුවන විමර්ෂණය පිළිබද නිසි කරුණු දැක්වීමකින් තොරව කරනු ලබන කැදවීමක් සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය උපදෙස් පැතිය යුතුව ඇත.

සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මැතිතුමන් සමග සාකච්ඡුා කර  තිසත් විජයගුණවර්ධන සහ ෆර්මාන් කාසිම් යන ජනාධිපති නීතීඥවරුන්ගේ නීති උපදෙස් පරිදි ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමි."

Rate this item
(0 votes)
Last modified on Sunday, 19 September 2021 15:02