April 27, 2024

කොළඹින් එක වුණේ මිනිහෙක්ද? විරෝධතාවයක් මැද ස.ජ.බ මන්ත්‍රීලා කියපු කතා Featured

ඊයේ (09) කොළඹ නිදහස් චතුරස්‍රයේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් විසින් ආණ්ඩුව විසින් පනවා ඇති විරෝධතා පැවැත්වීමේ තහනමට එරෙහිව උද්ඝෝෂණයක නිරත වුණා. 

ඊයේ පැවති පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරදීද මේ සම්බන්ධව උණුසුම් වාද විවාදයක්ද පාර්ලිමේන්තුව තුළ ඇති වුණා.

ස.ජ.බ මන්ත්‍රීවරුන් විසින් මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පිළිබඳවද අදහස් පළ කර සිටියා.

හර්ෂලාගේ VIP නීතිය

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් පැමිණි සිටි මාධ්‍යවේදීන් විමසා සිටියේ ඔබතුමාලාට VIP නීතියක් ඇතිද යන්නයි. එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ,

 “ඔව්..ඔව්..අපිට VIP නීතියක්.. මං මේ කල්පනා කළේ මාංචු ඉස්සරහින් දාගෙන යනවද, පස්සෙන් දාගෙන යනවද කියලා..සරත් වීරසේකර මහත්තයාට කියන්නකෝ අපිව අරන් යන්න කියලා ඇවිල්ලා..” ලෙසිනි.

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ කට තිබුණු පළියට කතා කර වැඩක් නැති බවත් නීතිපොතට අනුව වැඩ කළ යුතු බවත්ය.

“සරත් වීරසේකරට නෛතික බලයක් නැහැ” - මනූෂ

අමාත්‍ය සරත් වීරසේකර මහතා කියපු දේවල් කර තිබෙනවා නම්, කරපු දේවල් කියා තිබෙනවා නම් බලාපොරොත්තුවක් තබා ගත හැකි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසා සිටිනවා.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ “ඇත්ත කතාව, සරත් වීරසේකර මහත්තයාට නෛතික බලයක් නැහැ මේ උද්ඝෝෂණ කරන අය අත්අඩංගුවට ගන්න" ලෙසිනි.

කොළඹින් එක වුණේ මිනිහෙක්ද? - හේෂා

කොළඹින් පළවෙනියාට ගෙනාවේ මිනිහෙක් දැයි කොළඹ ජනතාව අද කල්පනා කරමින් සිටින බවට ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතනාගේ විසින් පවසා සිටියා.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ “ඒ තරම් නන්නත්තාර වෙලා, පීචං වෙච්චි නායකයෙක්, ඇමතිවරයෙක් බවට සරත් වීරසේකර පත්වෙලා” ලෙසිනි.

Rate this item
(0 votes)