April 19, 2024

පඹයන්ට දැන් කියන අලුත් නම රාජකරුණා මන්ත්‍රී කියයි

February 20, 2022

ගම් වල ජනතාව පඹයන්ව හඳුන්වන අලුත් නමක් පිළිබඳව හෙළිදරව්වක් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කරනවා.

ඒ සමගි ජන බලවේගය නියෝජනය කරන හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා විසින්.

ගම් වල ජනතාව

දැන් ගම්වල ජනතාව පඹයන් හඳුන්වන්නේ "ගෝඨා" ලෙස බවයි ඔහු සඳහන් කරන්නේ.

මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් තබමින් මේ බැව් සඳහන් කළේ විදුලිය කැපීම සම්බන්ධයෙන් ආණ්ඩුව දිනෙන් දින කරන විහිළු සහගත ප්‍රකාශ පදනම් කරගෙන.

ජනතාව රටේ නායකයා "පඹයා" කියන මට්ටමට රට පත්කර තිබෙන්නේ ජනපති , අගමැති ඇතුළු මේ ආණ්ඩුව බවටයි මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ.

ඕස්ට්‍රේලියාවේ විහිළුව

වත්මන් ජනපතිවරයා විහිළුවක් බවට පත් වී ඇති බවද සඳහන් කරන මන්ත්‍රීවරයා ඊට උදාහරණයක් පෙන්නුවේ විදේශ රටක සිද්ධියක් මුල් කොටගෙන.

මේ දිනවල පැවැත්වෙන ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ තරඟ නරඹන්නට පැමිණෙන අය ප්‍රදර්ශනය කරන බෝඩ් වලත් "සර්"ගේ විහිළු ගැන තිබෙන බව මන්ත්‍රීවරයා අවධානය කරනවා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 20 February 2022 14:30