March 29, 2024

විරෝධතාවේ ගුණ අගුණ සොයා බලයි: 10 කගේ සහයෝගය දුර්වලලු

සමගි ජන බලවේගය ඉකුත් 15 දින කොළඹදී පැවැත් වූ විරෝධතාවය පිළිබඳ සමාලෝචනයක නියැලී තිබෙනවා.

ඒ මීට ටික දිනකට පෙර පැවති සමගි ජන බලවේග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී.

ප්‍රගති සමාලෝචනය

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේදී මෙම විරෝධතාවයට සහභාගි වීම සඳහා ජනතාව ස්වාධීනවත් , බස් රථ වලිනුත් , දුම්රියෙනුත් හා පයිනුත් පැමිණි බව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දී තිබෙනවා.

එහෙත් එහිදී වැඩි අවධානය යොමු වූයේ මෙම විරෝධතාවයට සෙනග අඩුවෙන් ගෙන ගෙන ආ ආසන සංවිධායකවරුන් පිළිබඳවයි.

එවන් ආසන සංවිධායකවරුන් 10 ක් පමණ සිටින බවයි විරෝධතාවයේ සංවිධායක මණ්ඩලය කියා සිටියේ.

හේතු විමසීම

ඒ අය සමග කතා කොට ඊට හේතු විමසිය යුතු බව එහිදී තීරණය කොට තිබෙනවා.

එම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට හරින් ප්‍රනාන්දු , මනුෂ නානයක්කාර මන්ත්‍රී දෙපළ හා තලතා අතුකෝරල මන්ත්‍රිවරිය සහභාගී වී නැහැ.

Rate this item
(4 votes)
Last modified on Monday, 28 March 2022 08:54