May 03, 2024

ගෑස් සිලින්ඩර ප්‍රශ්නය සජිත් පිල පාර්ලිමේන්තුවේ දිග හරියි : ප්‍රශ්නය මගහරින්න එපා - හදිසි කරුණක් සේ සලකන්න

November 27, 2021

අද (27) උදෑසනම පාර්ලිමේන්තුව උණුසුම වූයේ පුපුරන ගෑස් සිලින්ඩර නිසා.

ඒ සමගි ජන බලවේගය දිගින් දිගටම පුපුරන ගෑස් සිලින්ඩර ප්‍රශ්නය මතු කිරීම නිසා.

ප්‍රශ්නය වෙනම ගන්න

අවාසනාවන්ත ලෙස ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් මියගිය 19 හැවිරිදි කාන්තාව සිය මැතිවරණ කොට්ඨාශයේ බව සඳහන් කරමින් කිංස් නෙල්සන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මේ වන විට ගෑස් සිලින්ඩර පිපිරීමේ සිද්ධි හයක් වාර්තා වන බවයි.

එහිදී කතානායකවරයා සඳහන් කළේ ඒ ප්‍රශ්නය වෙනම දිනයක ප්‍රශ්නයක් ලෙස ගන්නා ලෙසටයි.

එවිට සමගි ජන බලවේගය පෙන්වා දුන්නේ වෙන දවසක මේ ප්‍රශ්නය ප්‍රශ්න කතා කරද්දි සිද්ධ වෙන්න ඕන විනාශයන් සියල්ල සිදු වී ඇති බවයි.

අපි ඉන්නේත් බයෙන්

ඉන් පසු අදහස් දැක්වූ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සඳහන් කළේ මේ ප්‍රශ්නය මතු කරන්නේ දේශපාලන ප්‍රශ්නයක් ලෙස නොවන නොවන බවත් ඒ නිසා එය මග නොහැර හදිසි ප්‍රශ්නයක් සේ සලකා වහා පිළියම් යෙදිය යුතු බවයි.

දැන් සියලු දෙනාම සිටින්නේ ගෑස් සිලින්ඩර බියෙන් බවත් එය නැති කිරීමට කටයුතු කිරීම රජයේ වගකීම බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

තම නිවසේ ගෑස් සිලින්ඩරයද සවි කරන්නේ එය එළියට ගෙන බවත් පාර්ලිමේන්තුවේ ආපන ශාලාව වෙත යන්නේ ගෑස් සිලින්ඩර සෑහෙන ප්‍රමාණයක් පසු කරමින් බවත් ඔහු පෙන්වා දුන්නා.

ඊට පිළිතුරු දෙමින් සභානායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේ මේ ප්‍රශ්නය ගැන අද (27) උදෑසනද විශේෂ ප්‍රකාශයක් කළ බවත් එම පිපිරීම සිදුව තිබෙන්නේ ස්වාභාවිකව බවත්ය.

වන්දි ලබා දෙනවාද

මෙසේ ගෑස් සිලින්ඩර පිපිරීමෙන් මිය යන අයට වන්දියක් ගෙවනවාදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා (ලසන්ත අලගියවන්න) මහතා පැහැදිලි පිළිතුරක් පාර්ලිමේන්තුවට ලබාදෙනු ඇති බවයි.

ඉන් පසු විවාදයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ගෑස් සිලින්ඩර පිපිරිමි ප්‍රශ්නය මතු කළා.

රට වටාම ගෑස් සිලින්ඩර පිපිරු ස්ථාන පිළිබඳ විස්තරයක් කළ විපක්ෂ නායකවරයා මේ සිද්ධියෙන් රටේ ජනතාව වික්ෂිප්ත වී සිටින බව පෙන්වා දුන්නා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 27 November 2021 10:22