May 03, 2024

ගෑස් අවුල ඇති වූ හැටි හෙළි වෙයි - ගෑස් අන්තර්ගතයට ප්‍රමිතියක් නෑ (VIDEO)

November 26, 2021

මෙරට ගෑස් සමාගම් වංචනික ලෙස ගෑස් සංයුතිය වෙනස් කර ඇති බව හිටපු රසායනාගාර ප්‍රධානී සිරිල් සුදුවැල්ල සහ පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන යන මහත්වරුන් සඳහන් කරනවා.

සිලින්ඩරවල ගෑස් කාන්දුවට ප්‍රධානම හේතුවක් වන්නේ ප්‍රෙපේන් පරිමාව ඉහළ දැමීම බවත් ශ්‍රී ලංකාවේ ගෑස් ප්‍රමිතියක් ඇතැයි කීම සම්පූර්ණ බොරුවක් බවත් ඔවුන් සඳහන් කරනවා.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් මෙම අදහස් පළ කළා.

හිටපු රසායනාගාර ප්‍රධානී සිරිල් සුදුවැල්ල මෙසේ අදහස් දැක්වුවා,

"ගෑස් සිලින්ඩරයට සහ එහි පීඩන සඳහා  ප්‍රමිතියක් තිබුණට එල්.පී ගෑස් අන්තර්ගතයට ප්‍රමිතියක් ප්‍රමිති කාර්යාංශය නිකුත් කරලා නෑ. නමුත් සපුගස්කන්දෙදි අපි ඒ සඳහා ප්‍රමිතියක් පවත්වාගෙන යනවා. තෙල් පිරිපහදුවෙදි අපි ගෑස් සංයුතිය තියෙන්නෙ ප්‍රොෆේන් 30යි. බියුටේන් 70යි. එහෙම තියන්නෙ මේ අපේ කලාපීය උෂ්ණත්වය සම්බන්ධව අධ්‍යයනය කරලා. මොකද ප්‍රොෆේන කියන්නෙ ඉතාම ඉක්මනින් වාෂ්ප වන වායුවක් නිසා.

"එයා ප්‍රෙෂර් ස්ටෑන්ඩඩ් එක කියන්නෙ සිලින්ඩරයේ කොටසක් දියරය. කොටසක් වායුව. බියුටේන් තියනවාට වඩා ප්‍රොෆේන් තියනකොට ගෑස් ප්‍රෙෂර් එක වැඩියි. ප්‍රොෆේන් වායුව ලාභදායී. ඒ වගේම ප්‍රොෆේන් පුරවන්න වැඩි පීඩනයක් ලබා දිය යුතුයි. මේ පීඩනය සමහර විට වෑල් එකට රබර් සීල්වලට දරා ගන්න බැරි වෙන්න පුලුවන්. ගෑස් කාන්දුවක් වීමේ සම්භාවිතාව ප්‍රොෆේන් වැඩි සංයුතියක් සහිත සිලින්ඩරයක දී වැඩියි. මේ ගෑස් සංයුතිය සම්බන්ධව නැවට පටවන ගෑස් සාම්පලයක් හා නැවෙන් බාන ගෑස් සාම්පලයක් පරීක්ෂා කරලා තීන්දු කරන්න පුලුවන්. ඒ පහසුකම් අපේ රසායනාගාරවල තියෙනවා."

Rate this item
(0 votes)
Last modified on Friday, 26 November 2021 17:30