May 03, 2024

පිරිසකගේ මල්ල පිරෙයි! ගුවන්තොටේ "ඩියුටි ෆ්‍රී" මගඩියක්!

November 26, 2021

විදෙස් ගත වී යළි මෙරටට පැමිණෙන පුද්ගලයින්ට තීරු බදු සහන (ඩියුටි ෆ්‍රී) යටතේ භාණ්ඩ ලබා ගත හැකි තීරු බදු නිදහස් වෙළඳ සැල් හිමියන් අධික ලාභයක් ලබන බව රජයේ මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග උපුටා දක්වන මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මෙම තීරුබදු නිදහස් වෙළෙඳසල් හිමියන් සිය භාණ්ඩ අලෙවියෙන් 80%ත් 90%ත් අතර අතිදැවැන්ත ලාභයක් ලබන බව යි පැවසෙන්නේ.

විදේශවලින් මෙම වෙළෙඳසල් වෙත ආනයනය කරන භාණ්ඩ සඳහා රජය දැවැන්ත බදු සහනයක් පිරිනමා ඇත්තේ විදෙස්ගතව පැමිණෙන ජනතාවට බදු සහන සහිතව භාණ්ඩ අලෙවි කිරීම සඳහා යි.

බදු සහන යටතේ භාණ්ඩ විදේශ රටවලින් ගෙන්වන නමුත් මෙම සාප්පු හිමියන් සිය පාරිභෝගිකයන්ට නිසි පරිදි අදාළ බදු සහන ලබා නොදෙන බවත් ඒ හරහා ඔවුන් අධික ලාභයක් ලබමින් සිටින බවත් සඳහන්.

මෙවන් පසුබිමක් මත තීරුබදු සාප්පුවල භාණ්ඩ මිල ගණන් නියාමනය සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියට වගකීම පැවරිය යුතු බවට රාජ්‍ය ගිණුම්කාර සභාවද ආණ්ඩුවට නිර්දේශ කර තිබෙනවා.

Rate this item
(29 votes)
Last modified on Friday, 26 November 2021 18:39