April 30, 2024

"ගෑස් බෝම්බය" පළමු බිල්ල ගනී - වැලිකන්දේ තරුණියක් මරුට

November 26, 2021

ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි විවාහක තරුණියක්.

පසුගිය 13 වැනිදා තම නිවසේ මුළුතැන් ගෙයි තිබූ ගෑස් උදුන දැල්වීමේදී පිපිරීමක් හේතුවෙන් ඇය තුවාල ලබා රෝහල් ගත කළා.

මියගිය කාන්තාවගේ පියා වන බී.ජී. ජයසූරිය මහතා සඳහන් කළේ මෑතක දී ගන්නා ලද සිලින්ඩරයක් පුපුරා තම දියණියට මෙම අවාසනාවන්ත මරණය සිදු වූ බවයි.

මේ පිළිබඳ අදාල බලධාරීන්ගේ විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස ද දෙදරු පියකු වන ජයසූරිය මහතා ඉල්ලීමක් කළා.

මිය ගිය කාන්තාවගේ අවසන් කටයුතු අද (26) පැළෑටියාව පොදු සුසාන භූමියේදී සිදු  කෙරුණා.

UPDATE: ගෑස් පිපිරී මැරුණයි කියූ තරුණිය මියයන්නට පෙර කියූ දේ එළියට!

Rate this item
(7 votes)
Last modified on Friday, 26 November 2021 21:58