April 30, 2024

අනුරාධපුරේ නළු මන්ත්‍රීගෙන් සුපිරි අදහස් රැසක්: බියර් කියන්නේ කසිප්පු - මුහුද මැද සත්තු වත්තක් - ගංජා ධන උල්පතක් (VIDEO)

November 26, 2021

නළුවෙකු වූ උද්දික ප්‍රේමරත්න දැන් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ඔහු උඩු රැවුලකුත් වවා පෙනුමද ටිකක් වෙනස් කරගෙන රටට හිඟව තිබෙන ඩොලර් හොයන හැටි ගැන කවුරුත් නොදන්නා සාස්තරයක් රට හමුවේ තැබුවා.

විස්කි කරන කසිප්පු

ඔහු කසිප්පු ඩොලර් උපයන ව්‍යාපාරයක් හැටියට ප්‍රවර්ධනය කළ යුතු බව පෙන්වා දුන්නේ ලෝකයේ උදාහරණද ගනිමින්.

කසිප්පු ලෝකය පුරා හැඳින්වෙන්නේ හැලි අරක්කු විදිහට බව පෙන්නා දෙන මන්ත්‍රීවරයා විස්කි විදිහට ව්‍යාප්ත වන්නේ ඒ හැලි අරක්කු එසේත් නැත්නම් කසිප්පු බවයි සදහන් කරන්නේ.

මන්ත්‍රීවරයා ඒ බැව් සඳහන් කළේ කසිප්පු රටට ආදායම් උපයා ගත හැකි ව්‍යාපාරයක් බව අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා මතක් කර දුන් බවත් සඳහන් කරමින්.

මුහුද මැද සත්තු වත්තක්

ඒ ව්‍යාපාරය යාපනයේ එක් දූපතක් තෝරාගෙන කළ හැකි බවට ඔහු ආණ්ඩුවට යෝජනා කරනවා.

ඒ හැරුණුකොට වරාය නගරය වගේ මුහුද ගොඩ කර තවත් පැරඩයිස් නගරයත් නිර්මාණය කර එහි සත්තු වත්තක් හදන්න පුළුවන් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

එසේ කළහොත් එය මුහුදේ මිනිස්සු විසින් නිර්මාණය කළ ලෝකයේ පළමු වූ සත්තු උද්‍යානය වන බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා මේ විදිහට කටයුතු කිරීමෙන් රටට ඩොලර් උපයන එක අපහසූ කටයුත්තක් නොවන බවයි සඳහන් කරන්නේ.

මන්ත්‍රීවරියගේ ගංජා යෝජනාව

එතැනින් නොනැවතුණු ප්‍රේමරත්න මහතා ඩයනා ගමගේ මන්ත්‍රීවරිය නිරන්තරයෙන්ම ප්‍රකාශ කරන ගංජා ව්‍යාපාරයක් හැටියට කිරීම ගැනත් කරුණු පෙන්වා දුන්නා.

අපි කතා කරන්නට අකමැති වුනත් මන්ත්‍රීවරිය ගංජා ගැන කතා කරන බව සඳහන් කරන මන්ත්‍රීවරයා එයද රටට ඩොලර් උපයන මාර්ගයක් කර ගැනීමට හැකි බව හරියට කල්පනා කරහොත් තේරුම් ගැනීමට හැකි බවද ඔහු අවධාරණය කරනවා.

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේදී අය - වැය විවාදයට එක්වෙමින්.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 26 November 2021 14:59

Related items