May 19, 2024

අශ්ලීල ප්‍රකාශ තහනම් කරන්න නීතියක්! කැබිනට් මණ්ඩලයෙත් අනුමැතිය

තොරතුරු තාක්ෂණය හා වෙනත් මාධ්‍යයන් ඔස්සේ නිපදවන අශ්ලීල ප්‍රකාශන සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නව නීතිය හඳුන්වා දීමට රජය සුදානම් වෙමින් සිටිනවා.

ඊට අදාළ වන පවත් කෙටුම්පත සකස් කිරීම පිණිස 2020 සැප්තැම්බර් 21 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතියද හිමිව තිබුණා.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ද ලැබී තිබේ.

අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 October 2021 15:11