May 19, 2024

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

September 30, 2021

නිරෝධායන ඇඳිනීතිය ඉවත්කිරීමත් සමඟ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යලය ඇතුළු සියලුම පළාත් කාර්යාල ලබන සඳුදා (4 වැනිදා) සිට විවෘත කරන බව ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසනවා.

එසේ විවෘත කළ ද ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තව දුරටත් අත්හිටුවා ඇති බව කියා සිටි ඒ මහතා  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය හැඳුනුම්පත් අංශ හරහා අයැදුම්පත් බාරගැනීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළා.

හැදුනුම්පත් සකස් කර අයදුම්කරුගේ පෞද්ගලික ලිපිනයට තැපෑලෙන් යොමු කිරීමට කටයුතු කරන බව කියා සිටි ගුණතිලක මහතා කලින් අයැදුම්පත් බාරදුන් අයැදුම්කරුවන්ට හදිසි අවශ්‍යතාවක් තිබේ නම් දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීම අනිවාර්ය බවද අවධාරණය කළා.

බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය 0115226126- 0115226100, දකුණු පළාත් කාර්යාලය 0912228348, වයඹ පළාත් කාර්යාලය 0372224347, උතුරු පළාත් කාර්යාලය 0242227201 සහ නැගෙනහිර  පළාත් කාර්යාලය 0652229449 ඇමතිමන්  ඒ සම්බන්ධයෙන් විස්තර ලබා ගන්නා ලෙසද වියානි ගුණතිලක මහතා වැඩිදුරටත් පවසා සිටියා.

මේ සම්බන්ධව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්,

Rate this item
(0 votes)