May 19, 2024

බෝම්බ අවදානම ගැන ආරක්ෂක ලේකම්වරයාගෙන් විශේෂ නිවේදනයක්! Featured

September 29, 2021

මෙරට දේවස්ථානවලට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමට යන බවට සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය හරහා සංසරණය වන පුවත සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහිදී ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ අදාළ පුවත සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් විශ්ලේෂණය කිරීමක් හෝ තහවුරු කිරීමක් සිදුකර නොමැති බවයි.

එම නිසා අදාළ සිදුවීම් සම්බන්ධයෙන් කලබළ වීමට හේතුවක් නොමැති බවද ආරක්ෂක ලේකම්වරයා විසින් වැඩිදුරටත් ජනතාවට දැනුම් දී තිබෙනවා.

අදාළ මාධ්‍ය නිවේදනය

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 September 2021 17:23