May 19, 2024

කුලී නිවෙස්වල ජීවත් වෙන අය ගැන රජයෙන් තීරණයක්

September 28, 2021

දිළිඳු තැනැත්තන්ගේ නිවාස අවශ්‍යතාවන් සපුරාලීම සඳහා සහ දිළිඳු කුලී නිවැසියන් ආරක්ෂා කර ගැනීම සඳහා 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත හඳුන්වා දී තිබෙනවා.

වර්තමානය වන විට ගෙවල් කුලී පනතේ යල් පැන ගිය විධිවිධාන මඟින් නිවාස ක්ෂේත්‍රයට, කුලී පදනම මත ලබාදී ඇති පරිශ්‍රයන්ට මෙන්ම දේපළ ගනුදෙනුවලට අහිතකර බලපෑම් එල්ල වෙමින් තිබේ.

එබැවින් වර්තමනා අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් අදාළ පනත සංශෝධනය කිරීම සඳහා රජයේ අවධානය යොමුවී ඇති බව අද (28) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් වුණා.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ විසින් පත් කර ඇති ගෙවල් කුලී නීති උපදේශක කමිටුව විසින් ගෙවල්කුලී නීතිය සංශෝධනය සඳහා අතුරු වාර්තාවක් ද මේ වන විට ඉදිරිපත් කර අවසන්.

ඒ අනුව අදාළ කමිටු වාර්තාව මඟින් යෝජිත සංශෝධන ඇතුළත් කරමින් ගෙවල්කුලී පනත සංශෝධනය කිරීමටත්, ඒ සඳහා සංශෝධිත පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමටත් අධිකරණ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති  යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

මෙම පනත සංශෝධනය වීමත් සමඟ ඉදිරියේ දී නිවෙස් කුලියට දීමට සම්බන්ධව ඇති නීති ද සංශෝධනය වනු ඇත.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 September 2021 14:11