May 19, 2024

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියාවල නිරත වන අය ගැන තීරණයක් Featured

September 28, 2021

ඔක්තොම්බර් 01 වැනිදා රට සාමාන්‍ය අයුරින් විවෘත කිරීමෙන් පසුව රාජ්‍ය සේවකයින්ව නැවතත් සුපුරුදු පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ සේවයට කැඳවීමට තීරණයක් ගෙන ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම පෞද්ගලික අංශයේ ආයතන සඳහා පනවා තිබූ පැමිණිමේ සීමා ඉවත් කිරීම සඳහා ද අවසර ලබාදීමටද රජය විසින් තීරණය කර ඇතැයිද සඳහන්.

මෙහිදී තීරණය කර ඇත්තේ රජයේ සේවකයන්ට උදෑසන 09ටත්, පෞද්ගලික අංශයේ සේවකයන්ට උදෑසන 10ටත් රැකියාවට කැඳවීමටත් ඒ අනුව තීරණය කර තිබෙනවා.

රාජ්‍ය සේවකයන් කැඳවීම සම්බන්ධයෙන් ව්ශේෂ චක්‍රලේඛයක් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කිරීමට නියමිතව ඇති බවත් සඳහන් වෙනවා.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට සේවයට පැමිණීම සඳහා දුම්රිය සහ බස් සේවා සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුව සමාන පරිදි ධාවනය කිරීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ (27) පැවැති සාකච්ඡාවකදී මේ බව සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා අමාත්‍යවරුන්, ලේකම්වරුන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක්ද සහභාගී වී  තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 28 September 2021 09:36