May 20, 2024

කොළඹ මහනගර සභා සීමාවේ ලියාපදිංචි නොවූ දේපළ ප්‍රසිද්ධ කරයි

September 27, 2021

කොළඹ මහ නගර සභාවේ ලියාපදිංචි නොකළ දේපළ තිබේ නම් ඒවා ලියාපදිංචි කරන ලෙසට පසුගිය 25 වැනිදා කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂණි දිසානායක මහත්මිය විසින් දැනුම් දීමක් කළා.

එහිදී ඇය පවසා සිටියේ දේපළවල අයිතිය සුරක්ෂිත කර ගැනීමට එම දේපළ නගර සභාවේ ලියාපදිංචි කිරීම අත්‍යවශ්‍ය බවයි.

ඒ අනුව අද (27) දිනයේ එසේ ලියාපදිංචි නොකරන ලද දේපළ පිළිබඳව වාර්තාවක් කොළඹ මහ නගර සභාව විසින් නිකුත් කර තිබෙනවා.

2021 නොවැම්බර් 30 වන දිනට පෙර ලියාපදිංවිය සිදුකර ගැනීම අනිවාර්ය බවයි  කොළඹ මහ නගර සභාව පවසා සිටින්නේ.

එමෙන්ම 2022 වරිපනම් ගෙවීමේ ලදුපත් හිමිකරුගේ නමින් නිකුත් කිරීම් සඳහා මෙම ලියාපදිංචිය අනිවාර්ය බවත් දැනුම් දී තිබෙනවා.

කොළඹ මහ නගර සභාව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Monday, 27 September 2021 16:24