May 20, 2024

කොළඹ මහා නගර සභා සීමාවේ දේපළ හිමි අයට දැනුම් දීමක්

September 25, 2021

කොළඹ මහා නගර සභා සීමාව තුළ පිහිටි ලියාපදිංචි නොකළ පෞද්ගලික දේපළ ලියාපදිංචි කරන ලෙස කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂණී දිසානායක මහත්මිය දේපළ හිමිකරුවන් වෙත දන්වා තිබෙනවා.

දේපළවල අයිතිය සුරක්ෂිත කර ගැනීමට එම දේපළ නගර සභාවේ ලියාපදිංචිය අත්‍යවශ්‍ය බවයි ඇය පවසා සිටින්නේ.

නාගරික කොට්ටාසවලට අදාළව මේ දක්වා ලියාපදිංචි වී නැති දේපළ පිළිබඳව තොරතුරු කොළඹ මහා නගර සභාවේ www.colombo.mc.gov.lk නිල වෙබ් අඩවියට පිවිසි ලබාගත හැකියි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව මඟින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ව තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 25 September 2021 15:37