May 19, 2024

ඇමති රත්වත්තේ සමඟ බන්ධනාගාරයට ගියා යැයි කියූ රූ රැජිනගෙන් ප්‍රකාශයක්

September 15, 2021

පසුගිය කාලයේ මෙරට දැඩි ආන්දෝලනයකට තුඩු දුන් විවාහක රූ රැජින කිරුළේ හිමිකාරීත්වය ලබාගත් පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් ඇයට එල්ල වෙන චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබෙනවා.

පසුගියදා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට බලහත්කාරයෙන් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සමඟ ගිය පිරිස අතර මෙරට විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය සිටි බවට මෙහිදී චෝදනා එල්ල වුණා.

පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඒ සම්බන්ධව මාධ්‍ය ආයතනයක් වෙත ප්‍රකාශයක් ලබාදෙමින් පවසා සිටියේ එම චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බවයි.

එහිදී ඇය කියා සිටියේ “ඇත්තටම ඒක අසත්‍ය දෙයක්, මං ඒක ප්‍රතික්ෂේප කරා. මම ස්ටේටස් එකකුත් දැම්මා එතන මම හිටියේ නැහැ කියලා. මම දන්නෙත් නැහැ. මොකද මම ඉරිදා හිටියේ මාතර පොටෝ ශූට් එකක. මම ඉතාමත් වගකීමෙන් කියනවා එතනට මම ගියෙත් නැහැ. සාක්ෂි ඇතුව මං එතනට ගියා කියලා ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා නම් මං වැරැද්දක් කරා කියන එක මිනිස්සුන්ව දැනුවත් කරන්න..” ලෙසිනි.

මේ වන විට බන්ධනාගාරවලට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට වන චෝදනා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් පිළිගෙන සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 15 September 2021 14:48

Related items