May 19, 2024

ජල බිල්පත් නොගෙවූ ජනතාවට දැනුම් දීමක්

September 15, 2021

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තිළිණ එස්. විජේතුංග මහතා මෙම ඉල්ලීම කරමින් පවසා සිටියේ ජල බිල්පත් නොපමාව ගෙවීමට කටයුතු කරන ලෙසයි. එමෙන්ම අඛණ්ඩ ජල සැපයුමක් සඳහා ජල බිල්පත් නිසි වේලාවට ගෙවීම අත්‍යවශ්‍ය කාරණයක් බවද ඒ මහතා පෙන්වා දෙනවා.

මෙරට පවතින වසංගත තත්ත්වය හමුවේ ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බවටද සාමාන්‍යධිකාරීවරයා පවසා සිටි අතර මෙම තත්ත්වය යටතේ ජල පරිභෝගිකයන් ජල බිල්පත් ගෙවීම් ප්‍රමාද කරමින් සිටින බවද පවසා සිටියා.

බිල්පත් ගෙවීම පහසු කිරීම සඳහා නව ක්‍රමවේද රැසක් ද මේ වන විට හඳුන්වා දී තිබෙනවා. 

ඒ අනුව මූල්‍ය ආයතන විසින් හඳුන්වා දී ඇති ජංගම යෙදවුම්, වෙබ් අඩවි හා අන්තර්ජාල බැංකු සේවා හරහා ද මෙම බිල්පත් ගෙවීමට හැකියාව පවතිනවා. එමෙන්ම නිරෝධායන නීතිරීති යටතේ ජලසම්පාදන මණ්ඩලයේ කාර්යාල වෙත පැමිණිමෙන් ද මුදල්, චෙක්පත් හෝ කාඩ්පත් මගින් ගෙවීම් සිදුකළ හැකි බවද ජල සම්පාදන මණ්ඩලය ජනතාව වෙත දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 011 2 623 623  දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකියි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 September 2021 12:44