May 19, 2024

තැපැල් දෙපාර්තුමේන්තුවෙන් ජනතාවට දැනුම් දීමක්

September 14, 2021

නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලය තුළදී තැපැල් කාර්යාල සතියට දින 4ක් පමණක් විවෘත කර තබන බවට තැපැල් දෙපාර්තුමේන්තුව විසින් ජනතාවට දැනුම් දී තිබෙනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ඊයේ (13) දිනයේ ප්‍රකාශ කර සිටියේ සියලු තැපැල් කාර්යාල බදාදා සහ බ්‍රහස්පතින්දා වසා තබන බවයි.

තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට රජය විසින් නම් කර තිබුණත් නිරෝධායන ඇඳිරි නීතිය තුළ ඇතිව තිබෙන ප්‍රවාහන දුෂ්කරතා පිළිබඳව වෘත්තීය සමිති ඉදිරිපත් කළ කරුණු සලකා බලා අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

තැපැල් කාර්යමණ්ඩල සාමාජිකයන් 500 කට වැඩි පිරිසක් සහ ඔවුන් පවුල්වල සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් මේ වන විටත් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ඇති බවත් නිවේදනය හරහා තැපැල්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

තැපැල් දෙපාර්තුමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 September 2021 01:38