May 18, 2024

ශ්‍රී ලංකාවට අමෙරිකා එක්සත් ජනපදයෙන් තහනමක්

September 08, 2021

මෙරට තුළ පවතින කොරෝනා වසංගතය සැලැකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ  සංචාරය නොකරන ලෙසට අමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් එරට ජනතාවට දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ ඇති අවදානම් බව සැලැකිල්ලට ගනිමින් මෙරට 04 වැනි මට්ටමේ කොරෝනා අවදානමක් ඇති රටක් ලෙසද නම් කොට තිබෙනවා.

එමෙන්ම අමෙරිකානු වසංගත රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් අමෙරිකානු ජනතාවට දැනුම් දී තිබෙන්නේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා මෙරට සංචාරය කරන්නේ නම් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පූර්ණ එන්නත්කරණයට ලක්වී සිටිය යුතු බවයි.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙරට පවතිව කොවිඩ්-19 වෛරස් රෝග ව්‍යාප්තිය හමුවේ පුර්ණ එන්නත්කරණයට කරගත් පුද්ගලයින්ටද වෛරසය ආසාදනය වීමේ හැකියාවක් මෙන්ම පැතිරවීමේ හැකියාවක් පවතින බවයි.

Rate this item
(9 votes)
Last modified on Wednesday, 08 September 2021 15:05