May 04, 2024

එන්නත අනිවාර්ය කිරීමට මම විරුද්ධයි - මන්ත්‍රී හිමිනමගෙන් ප්‍රකාශයක්

September 07, 2021

කොවිඩ් එන්නත විද ගැනීම අනිවාර්ය කිරීමට තමන් වහන්සේ විරුද්ධ බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

කොවිඩ් වැළඳෙන රෝගීන්ගෙන් මිය යන්නේ 1% ටත් වඩා අඩු සංඛ්‍යාවක් නම් ඒ රෝග නිවාරණය සඳහා දේශීයව මෙන්ම බටහිරව බෙහෙත් තිබේ නම් එය අනිවාර්ය කිරීම නොකළ යුතු බවයි උන් වහන්සේගේ අදහස.

ඉන්නත් දෙකම විදීම

එන්නත් දෙකම විදගත් තමා දන්නා ස්වාමීන් වහන්සේලා තිදෙනෙක්ද කොවිඩ් රෝගී තත්ත්වයෙන් අපවත් වූ බවත් උන්වහන්සේ පෙන්වා දෙනවා.

එපමනක් නොව මංගල සමරවීර , කිලී මහරාජා වැනි එන්නත් දෙකම විදගත් මහත්වරුන්ද කොවිඩ් රෝගී තත්ත්වයෙන් මියගිය බවත් පෙන්වාදෙන උන්වහන්සේ එන්නත එකම විසඳුම නොවන බවයි අවධාරණය කරන්නේ.

ආයුර්වේදයේ සාර්ථකභාවය

එමෙන්ම දේශීය ආයුර්වේදය තුළ කොවිඩ් වසංගත රෝගයට ප්‍රතිකාර තිබෙන පෙන්වා දෙන උන් වහන්සේ නාවින්න ආයුර්වේදයේ ප්‍රතිකාර ලැබූ රෝගීන් දහසකට වඩා සුව වී නිවෙස් බලා ගොස් ඇති බවත් පාර්ලිමේන්තුවට මතක් කර දුන්නා.

ආණ්ඩු පක්ෂයට සහාය දෙන පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ අදහස් පළ කළේ පාර්ලිමේන්තුව අමතමින්.

වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාම එන්නත්කරණය කරගත යුතු බවත් එසේ එන්නත් කර ගත් කාඩ් පත හෝ එහි පිටපතක් නොමැතිව එළඹෙන සැප්තැම්බර් 15 සිට ප්‍රසිද්ධ ස්ථානවලට යෑම තහනම් බව මේ වන විටත් ආණ්ඩුව ප්‍රකාශ කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 September 2021 14:27

Related items