May 04, 2024

ඕක මුළු රටම දන්නවා: ඒක කළේ අපිද: ජනතාවනේ - අතුරලියේ රතන හිමි

September 02, 2021

ආණ්ඩුව කියන්නේ රාජපක්ෂවරු බව මුළු රටම දන්න කරුණක් බවයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කරන්නේ.

රාජපක්ෂවරු යටතේ මේ පාලනය තියෙන්නේ කියන එක හැමෝම දන්න කාරණයක් බවත් උන්වහන්සේ අවධාරණය කරනවා.

ජනතාව දුන් බලය 

රාජපක්ෂවරු එතනට ගෙන ඒමට තීරණය කළේ රටේ ජනතාව බවයි උන් වහන්සේ මතක් කර දෙන්නේ.

ඒ තත්ත්වය ගොඩනඟා තිබෙන්නේ මහ ජනතාවගේ ඡන්දයෙන් බවත් රතන හිමියන් සඳහන් කරනවා.

එවිට රාජපක්ෂ පවුලද නැද්ද යන්න නොසලකා රාජ්‍ය බලයේ සිටින අය සමග ගනුදෙනු කිරීමට තමන් වහන්සේ ඇතුළු පිරිසට සිදු වන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

අද වැදගත් වන්නේ

අද තිබෙන්නේ මේ අවස්ථාවේ කුමන අය බලයේ සිටියත් ඒ අය හොඳද නරකද යන ප්‍රශ්නය නොව රට මුහුණ දී සිටින බරපතළ තත්ත්වයෙන්ම මිදීමට අවශ්‍ය පියවර ගැනීම බවයි උන්වහන්සේගේ මතය වන්නේ.

උන් වහන්සේ මේ අදහස් පල කලේ උන්වහන්සේ ඇතුළු ආණ්ඩු පක්ෂයට සහාය දෙන කණ්ඩායමකට රට වසන ලෙස තමන් නියෝජනය කරන ආණ්ඩුවෙන්ම ලිඛිතව ඉල්ලීමක් කිරීමට සිදුවීම සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

අපේ ජන බල පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අපේ ජන බල පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන්  පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර මේ වන විට උන්වහන්සේගේ සහයද ලබා දී තිබෙන්නේ ආණ්ඩුවට.

Rate this item
(3 votes)
Last modified on Thursday, 02 September 2021 22:04

Related items