May 04, 2024

රතන හිමිගෙන් වසංගතයට ප්‍රතිකාරයක්

September 09, 2021

කොවිඩ් වෛරසයට ප්‍රතිකාර කිරිමේදී බටහිර වෛද්‍ය ක්‍රමයට දේශීය ප්‍රතිකර්මත් එකතු කළ යුතු බවට යෝජනාවක් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ගෙන එනවා.

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ සඳහන් කළේ දේශීය වෛද්‍ය ක්‍රමයට වෛරසයට මුහුණ දීම සඳහා ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීමේ හැකියාව තිබෙන බවයි.

සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම

දේශීය වෙදකම මෙන්ම යුනානි ආදී විකල්ප වෛද්‍ය ක්‍රම ලංකාවේ තිබෙන බව පෙන්වා දෙන උන්වහන්සේ එම අංශ නියෝජනය කරන අය කොවිඩ් මර්දන කමිටුවට පත් කර තිබෙනවා දැයි ප්‍රශ්න කරනවා.

එන්නත්කරනය හොඳ දෙයක් වුවද ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරු අතරම එකඟතාවයක් තිබෙනවා දැයි යන්න ප්‍රශ්න කරන උන්වහන්සේ කරාපිටිය රෝහලේ බටහිර වෛද්‍යවරයෙකු වන උදාර සම්පත් ගුණවර්ධන මහතා දේශීය ශාකසාර වලින් නිපදවාගත් ඖෂධයකින් කොවිඩ් වෛරසයට සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව ප්‍රකාශ කොට තිබෙන බවද සඳහන් කරනවා.

එන්නත් දෙකම ලබාගෙන තිබෙන අයද මිය ගොස් තිබෙන බවද පෙන්වා දෙන උන් වහන්සේ කොවිඩ් වෛරසය කෙතරම් බරපතළ වුවත් ඇඟ ඇතුලින් එන ප්‍රතිශක්තිකරණය හොඳ වෙනවා නම් ඊට මුහුණ දිය හැකි බවයි සඳහන් කරන්නේ.

ප්‍රතිශක්තිකරණයේ වැදගත්කම

කොවිඩ් වෛරසයෙන් ඇගේ ප්‍රතිශක්තිකරණය දුර්වල අය මිය යන අතර ප්‍රතිශක්තිකරණය වැඩි අය ජීවත්වන බවයි උන්වහන්සේ අවධාරණය කරන්නේ.

කොවිඩ් වෛරසය වැළඳුන අය අතුරින් මිය යන්නන්ගේ ප්‍රතිශතය 1% නම් බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පමණක් නොව අනිකුත් විකල්ප වෛද්‍ය ක්‍රම වලිනුත් එය සුව කළ හැකි බව කියනවනම් ඊට අවස්ථාව ලබා නොදෙන්නේ මන්දැයි උන්වහන්සේ ප්‍රශ්න කරනවා.

කොවිඩ් වෛරසය තිබුණත් නැතත් මේ වෛද්‍ය ක්‍රම එක් කිරීම කිරීම ලෝකය පිළිගෙන තිබෙන බව පෙන්වා දෙන උන් වහන්සේ ඉතා දියුණු දේශීය වෛද්‍ය ක්‍රමයක් ඇති අපේ රටේ ඒ සඳහා ගෙන තිබෙන පියවර කුමක්දැයි යන්නත් විමසීමක් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 September 2021 11:18