May 04, 2024

දැන් මන්ත්‍රීකමින් යන්න - වටින් ගොඩින් නැතුව ඥානසාර හිමි රතන හිමිට කෙලින්ම කියයි

අපේ ජන බල පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් එම මන්ත්‍රී ධූරය දැනට දරන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ එම මන්ත්‍රී ධුරය බලාපොරොත්තුවෙන් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අතර ගැටුම උග්‍ර අතට හැරී තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

ඒ මෙතෙක් මෙි සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් නොදැක් වූ ඥානසාර හිමියන්ද ඒ සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාර දැක්වීම හේතුවෙන්.

වසර පහළොවක් හිටිය දැන් යන්න

වසර 15 වක් පාර්ලිමේන්තුවේ සිටි බැවින් දැන්වත් ඉන් ඉවත්ව යන ලෙසයි ඥානසාර හිමියන් රතන හිමියන්ට දැනුම් දෙන්නේ.

මන්ත්‍රී ධූරය ගැන රතන හිමි කී කතාව

ඒ සමගම රතන හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ඉල්ලා සිටි පදනමද ඥානසාර හිමියන් හෙළි කරනවා.

මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී තමන් වහන්සේට එක දවසක් හරි පාර්ලිමේන්තුවේ සිටීමට අවශ්‍ය බවත් ඉන්පසු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කළ රතන හිමියන් වචන වලින් පමණක් නොව එය ක්‍රියාවෙන්ම ඔප්පු කරන බව සදහන් කරමින් එම සාකච්ඡාවෙන් නැගිට ගිය බවයි ඥානසාර හිමියන් හෙළි දරව් කරන්නේ.

විශ්වාසයක් නැතුව එකට දන් වළඳන්නේ කොහොමද

සිවුර කියන්නේ තක්කඩින්ට හැංඟීමට සුදුසු තැනක් නොවන නිසා මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ලිඛිත එකඟතාවයට නොපැමිණි බවද ඥානසාර හිමියන් හෙළි කරනවා.

විශ්වාසයක් නැතුව එක දම් පිලක දන් වළඳන්නේ කෙසේදැයි ඥානසාර හිමියන් ප්‍රශ්න කරනවා.

සාකච්ඡාවක් තිබ්බා - එහෙම එකඟතාවයක් නැහැ

අපේ ජන බල පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් පොරොන්දු වූ පරිදි ඉල්ලා අස්වී එම මන්ත්‍රීධුරය ගලබඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදෙන ලෙස අපේ ජන බල පක්ෂය සභාපති ඇතුළු ගිහි පැවිදි බොහෝ පාර්ශ්ව වලින් රතන හිමියන්ට මේ වන විට බලපෑම් එල්ල වෙමිනුයි තිබෙන්නේ.

රතන හිමියන් ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කරන්නේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ඥානසාර හිමියන් සමඟ සාකච්ඡාවක් තිබුණද අතර මැද උන්වහන්සේ ඉන් නැගිට ගිය බවත් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීම් පිළිබඳව කිසිදු පාර්ශ්වයක් සමඟ ලිඛිත හෝ වාචික එකඟතාවයක් නොමැති බැවින් දිගටම තමන් වහන්සේ මන්ත්‍රී ධූරයේ රැඳී සිටින බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 June 2021 12:27