April 28, 2024

"එක රටක් එක නීතියක්" මහ පාරෙදි බලාගමු: රතන හිමිගෙන් අභියෝගයක්

November 03, 2021

ඉකුත් බ්‍රහස්පතින්දා (28) ජනපතිවරයා හදිසියේම පොදු ජන පෙරමුණ සන්ධානයේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබුනේ යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් ඇමෙරිකානු සමාගමකට ලබාදීම පිළිබදව සාකච්ඡා කිරීමට.

ඊට පසු දින (29) විමල් වීරවංශ , උදය ගම්මන්පිල , වාසුදේව නානයක්කාර යන අමාත්‍යවරුන් ප්‍රමුඛ ආන්ඩුවේ සන්ධානගත පක්ෂ 11 ක සහභාගිත්වයෙන් ඊට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබූ සමුළුවත් එවන් සාකච්ඡාවක් ලබා දීමට ප්‍රධාන හේතුවක් වී තිබුණා.

රැස්වීම උණුසුම් කළ ප්‍රශ්නය

පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවේ දී අදාළ ප්‍රශ්නය කතා කතා කිරීමෙන් අනතුරුව එක රටක් එක නීතියක් සෑදීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති ධුරයට ගලබොඩඅත්තේ ඥානසාර හිමි පත් කිරීම පිළිබඳව ප්‍රශ්නය ඉස්මතු වූ බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම ප්‍රශ්නය අවසන් වී ඇත්තේ ඉතා උණුසුම් මුහුණුවරකින්.

ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපති ධුරය පිළිබඳව මුලින්ම ප්‍රශ්න කර තිබෙන්නේ විමල් වීරවංශ අමාත්‍යවරයා.

ඉන් පසුව ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබෙන්නේ ගෙවිඳු කුමාරතුංග හා පුජ්‍ය අතුරලියේ රතන හිමි යන මන්ත්‍රීවරුන් දෙපළ.

බැසිල්ගේ පිළිතුර

ඊට පිළිතුරු දීමට ඉදිරිපත්ව තිබෙන්නේ බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා.

69 ලක්ෂයක ජනතාවක් ජනපතිවරයාට ඡන්දය ලබා දී තිබෙන්නේ එවැනි අත්‍යවශ්‍ය පත් කිරීමේ බලයත් සමග බව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ පිළිතුර වී තිබෙනවා.

එම පිළිතුරක් සමග සන්ධානගත පක්ෂ 11 නියෝජිතයන් හා පොදුඡන පෙරමුණ නියෝජිතයන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

රතන හිමිගේ ප්‍රතිචාරය

වචන හුවමාරුව අවසන් වී තිබෙන්නේ රතන හිමියන් කළ ප්‍රකාශයකින්.

උන් වහන්සේ සාකච්ඡාවෙන් නැගිටිමින් සඳහන් කර තිබෙන්නේ "අපිත් පාරේ හොඳට සටන් කරලා පුහුණු මිනිස්සු.අපි එහෙනම් මේක එලියෙදි බලාගමු." යයි කියමින්.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 06 November 2021 04:05

Related items