May 16, 2024

ජනාධිපතිතුමාට අවුරුද්දෙන් දේශපාලනය එපා වුණා නම් අපිට හිතාගන්න පුළුවන් යුද්ධය කළේ කවුද කියලා

බලයට පත් වුණ අය කියනවා නම් නැවත දේශපාලනය නොකරන බවට එයින් අදහස් වන්නේ ඔවුන්ගේ අසාර්ථකභාවය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ මහනුවර කුණ්ඩසාලේ සමඟි ජන බලවේගය පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 

මේ වන විට ආණ්ඩුව අසමත්ව සිටින අතර වසර 30කට වැඩි කාලයක් දේශපාලනය කර ඇතත් දේශපාලනය එපා වී ඇති බව පවසා නැති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය. 

කෙසේවෙතත් දැන් ආණ්ඩුවට රට හැදීමේ වුවමනාවක් නැති අතර ඔවුන්ගේ එකම පොරය 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම බව ද හෙතෙම සඳහන් කරන ලදී.

''ජනාධිපතිවරයාට වුමනාව තිබ්බා රට හදන්න. නමුත් එතුමා  පාර්ලිමේන්තුවේ  හිටියේ නැති නිසා එතුමා දන්නේ නෑ රටේ  ප්‍රශ්න වල සංකීර්ණභාවය. ආර්ථිකය,ජාත්‍යන්තර ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් නැහැ. මිත්‍රවරුනි ජනාධිපතිවරයාට අවුරුද්දෙන් දේශපාලනය එපා වුනානම් යුද්දේ කෙරුවේ කවුද කියල අපට හිතාගන්න පුළුවන්.  මේ රටේ ණය කන්දරාවෙන් 60%ක් මහින්ද රාජපක්ෂ ගත්ත ණය. ණය අරන් මොකද කළේ. පොර්ට් සිටි එකක් හැදුවා එකේ ආදායම එන්නේ 2030න් පස්සේ. හම්බන්තොට වරායත් එහෙමයි. ශත පහක ආදායමක් නැහැ. 

"අද ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ගමට යන්න බැහැ කියල පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරු මුණගැහුනම අපිට කියනවා. ආණ්ඩුව අද විශාල අර්බුදයක ඉන්නේ. තනිකර මහා බොරු කියල ජනතාව නොමඟ යවලයි මේ ආණ්ඩුව බලයට පත් වුණේ. නාග රාජයෙක් පෙන්නලා බොරු මවා පාලා ජනතාව නොමඟ ඇරියා අද ඒවගේ ප්‍රතිවිපාක තමයි මේ ආණ්ඩුවට ලැබිලා තියෙන්නේ.'' යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය. 

Rate this item
(0 votes)

Related items