June 18, 2024

“මේක සෙල්ලමක් නෙමෙයි - අපේ ලේ පිච්චෙනවා විතරයි” - කෝප් කමිටුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට උත්තර නැතිවෙයි

February 12, 2021

ඊයේ (12) දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාව වෙත කැඳවා තිබුණු අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිනුම් ඇතුළු බොහෝ දේවල් පිළිබඳව විමසීමට කටයුතු කළේය.

එහිදී කෝප් කමිටුවේ බොහෝ ප්‍රශ්නවලට ලබා දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට පිළිතුරු නොවුණු අතර ඔවුන්ව පොදු ගිනුම්කාරක සභාවේදී දෝෂාරෝපණයටද ලක් විය.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියකියවිලි බොහෝමයක අඩුපාඩු ද තිබුණු අතර ඔවුන්ගේ සුදානමක් ද නොතිබුණු බව පෙනී ගියේය.

එහිදී කෝප් කමිටු සමාජිකයන් කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ රොකට් සයන්ස් එකක් නැති බවත් කියා සිටියේය.

එමෙන්ම කෝප් කමිටු සභාපති ආචාර්ය චරිත හේරත් මහතා කියා සිටියේ “මේක සෙල්ලමක් නෙමෙයි.. පාර්ලිමේන්තුව එක්ක ගනුදෙනු කරන කොට හරියට කියන්න..නැත්නම් ප්‍රශ්නයක් මේක.. මොකද මේ ආයතනය රටක් විදිහට එච්චර හොඳ තැනක නෙමෙයි තියෙන්නේ” යනුවෙනි.

දිගින් දිගටම ප්‍රශ්න කළත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට පිළිතුරු ලබා දීමට නොහැකි වූ අතර කෝප් කමිටු සාමාජික මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍ය රාසමානික්කම් කියා සිටියේ “අපෙත් වෙලාව නාස්ති වෙනවා” යැයිද ප්‍රකාශ කර සිටියේය.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සඳහන් කර සිටියේ අදාළ ලියකියවිලි සුදානම් කරගැනීම සඳහා කාලය ලබාදෙන ලෙසත් සියලු වැඩ කටයුතු නවතා හෝ එම ලියකියවිලි සුදානම් කරගන්නා බවයි.

කෝප් කමිටු සාමාජික ජගත් පුෂ්පකුමාර මහතාද එහිදී අදහස් දැක්වූ අතර ඔහු කියා සිටියේ “මේක දිගින් දිගටම යන එකෙන් වෙන්නේ අපේ ලේ පිච්චෙන එක විතරයි” යනුවෙනි.

සභාපති ආචාර් චරිත හේරත් මහතා විසින් පවසා සිටියේ “මේ ආයතනය රටේ බ්‍රෑන්ඩ් එකක් වෙනුවෙන් හදපු ආයතනයක්..නැතුව පෞද්ගලික ආයතනයක් නෙමෙයි..එහෙමත් ප්‍රශ්නයක් මෙතන තියෙනවා...ඒ මානසිකත්වය වෙනස් කරන්න ඕන..ඒ නිසා මේ ආයතනයට මේ රටේ ක්‍රිකට්වලට වෙන දේ පැහැදිළි..” යනුවෙනි. එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේක මේ නිලධාරීන්ටද එතරම් හොඳ දෙයක් නොවන බවත් පැවසීය.

එම කෝප් කමිටු සැසිවාරය මාසයක කාලයක් සඳහා කල් දැමීමට තීරණය වූ අතර ක්‍රිකට් නිලධාරීන්ට සුදානමින් පැමිණෙන ලෙසද පවසා සිටියේය.



Rate this item
(0 votes)
Last modified on Friday, 12 February 2021 11:52