May 05, 2024

බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානය මහනුවරට කාල බෝම්බයක්

November 18, 2020

තම ආණ්ඩුව යටතේ හිස් කල මහනුවර නගර මධ්‍යයේ තිබෙන බෝගම්බර හිරගෙදර භුමිය මේ වන විට කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන යාම මහනුවර පිපිරීමට සුදානම් කර තිබෙන කාල බෝම්බයක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කරන ලදී.

බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බඳු දළදා මාලිගාව ආසන්නයේම තිබෙන බෝගම්බර කොවිඩ් රෝගීන් 100ක් නිරෝධායනය කරන බව පැවසුවද දැන් එම සංඛ්‍යාව 800ක් දක්වා වැඩි වී තිබෙන බව පෙන්වා දෙන කිරිඇල්ල මහතා ඊයේ (17) එම ස්ථානයෙන් නිරෝධායනය වෙමින් සිටි සිරකරුවන් 5 දෙනෙකු පැන ගොස් තිබෙන බවත් ඉන් එක් අයෙක් තවමත් නිදැල්ලේ සිටින බවද සඳහන් කරයි.

මහනුවර බස්නැවතුම් පොළ, දුම්රිය පොළ හා, වෙළඳ මධ්‍යස්ථාන ආසන්නයේම බෝගම්බර මෙම ස්ථානය තිබෙන බැවින් මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන ලෙසද කිරිඇල්ල මහතා ඉල්ලා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 November 2020 11:16

Related items