May 19, 2024

ලාහෝරයේදී ශ්‍රී ලංකා පිලට වෙඩි තැබූ 4ක් ඝාතනය කරයි

පසුගිය 2009 වසරේ පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම ගමන් කළ බස්‌ රථයට වෙඩි තබා ප්‍රහාර එල්ල කළ ලක්‌ෂාර් ඊ. ජන්ග්වි නම් ත්‍රස්‌ත සංවිධානයේ සාමාජිකයන් 04 දෙනකු එරට ආරක්‌ෂක අංශ විසින් ඝාතනය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායම ගමන් කළ බස්‌ රථයට එල්ල කළ ප්‍රහාරයෙන් පාකිස්තානු පොලිස්‌ නිලධාරින් 06 දෙනකු මරණයට පත්වූ අතර ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ කිහිප දෙනෙකු ද තුවාල ලැබූහ.

මෙම ත්‍රස්‌තවාදීන් 04දෙනා ඝාතනය වී ඇත්තේ ලාහෝර් නුවර සිදුකළ මෙහෙයුමකදීය.

2009 වසරේ මාර්තු මස ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණය අසලදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමට මෙම ප්‍රහාරය එල්ල විණි.

Rate this item
(0 votes)
Last modified on Monday, 29 August 2016 10:22