May 19, 2024

සහන සලසන්න ක්‍රිකට් ආයතනයත් සූදානම්

දිවයින පුරා පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා ආධාර ලබාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ද ආරම්භ කර තිබේ.

ක්‍රිකට් ආයතනය සඳහන් කරන පරිදි මෙය ක්‍රිකට් ඒඩ් වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන්නකි.

ඒ අනුව එම ආයතනයේ අාධාර එක්රැස් කිරීම අද (19) දහවල් සිට කොළඹ 07, මේට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ක්‍රිකට් ආයතන පරිශ්‍රයේ දී සිදු කෙරේ.

 011 2 68 16 01 යන දුරකතන අංක ඔස්සේ ඒ පිළිබද වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන දැනුම් දීමක් කරමින් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 May 2016 17:01