June 29, 2024

තරග පාවාදෙන්න හැදූ දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරුවෙකු වන අනූෂ සමරනායක හා සහය පන්දු යවන්නෙකු වන ගයාන් විශ්වජිත්ගේ සේවය අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ ඔවුන් තරග පාවාදීම් සඳහා ක්‍රීඩකයන් පොළඹවා ගැනීමට උත්සහ කළ බවට චෝදනා ලැබීමත් සමඟ යි.

ස්ථීර සේවකයෙකු වන වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායකගේ වැඩ තහනම් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.

තව ද සහය පන්දු යවන්නෙකු වන ගයාන් විශ්වජිත්ට ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කිසිදු කටයුත්තකට සහභාගී වීමට නොහැකි බව ද මොහාන් ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

Rate this item
(0 votes)