June 02, 2024

කුසල් වෙනුවෙන් ICC වෙත අභියාචනයක්

December 26, 2015

තහනම් උත්තේජක චෝදනාවට වරදකරු වූ සුපිරි පිතිකරු කුසල් ජනිත් වෙනුවෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයට අභියාචනයක් ඉදිරිපත් කරන බව කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේ ය.

සුපිරි ආරම්භක පිතිකරු කුසල් ජනිත් තහනම් උත්තේජක ලබාගෙන ඇති බවට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය චෝදනා කළේ පසුගිය අගෝස්තු මාසයේදී පැවති ශී‍්‍ර ලංකා - පාකිස්ථාන තරඟ සංචාරය අතරතුර ලබා ගත් මුත‍්‍රා සාම්පලයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විමතිය පල කළ කුසල් බී සාම්පල් පරීක්ෂාවට යොමු වන්නට තීරණය කළේ ය.

බී සාම්පලයේද තහනම් උත්තේජක ඇති බවට සනාථ වීමෙන් අනතුරුවයි ඔහුට එරෙහිව පැනවෙන දඬුවම ලිහිල් කර ගැනිම සඳහා අභියාචනයක් ඉදිරිපත් කිරීමට තිරණය කර ඇත්තේ.

Rate this item
(0 votes)