May 19, 2024

මාලිංග අද 38 ක් දිනාගනියි

ලසිත් මාලිංග ඔබට සුබ උපන්දිනයක් වේවා! ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අද ඔහුගේ 38 වන උපන් දිනය සමරනවා. මාලිංග යුගයේ එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතාමත් භයානක පන්දු යවන්නා ලෙස විචාරකයින් හඳුන්වනවා. ඔහුගේ නමට ජාත්‍යන්තර ක්‍රිකට් කඩුලු 500 කට වඩා තිබෙන අතර, අයිපීඑල් ඉතිහාසයේ වැඩිම කඩුලු ලබා ගැනීමේ වාර්තාව තවමත් මාලිංග සතුයි.

හිටපු ශ්‍රී ලංකා නායක හා වේග පන්දු යවන ලසිත් මාලිංග තම නිවැරදි යෝකර් මඟින් ඕනෑම පිතිකරුවෙකුගේ ඇප නැතිකිරීමට පුරුදුව සිටියා. මාලිංග ඉපදුණේ 1983 අද වගේ දිනක ගාල්ලේදී ය. මාලිංග ඔහුගේ නායකත්වය යටතේ 2014 වසරේදී T20 ලෝක කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව මෙහෙයවූවා. මාලිංග උපන්නේ ඉතා සරල පවුලක ය. ඔහු ඉපදුණේ ගාල්ලේ සිට කි.මී 12 ක් පමන ඇතුලත පිහිටි රත්ගම ය. ඔහුගේ පියා බස් කාර්මිකයෙකු වූ අතර ඔහු ගාල්ලේ බස් ඩිපෝවක වැඩ කළ සේවකයෙකි.

මාලිංග කුඩා අවධියේදී මුහුදු වෙරළේ ටෙනිස් බෝලයක් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කළ අතර ඔහුගේ ක්‍රීඩාව මුල සිටම අමුතු දෙයක් වුණා. මාලිංගගේ මෙම අමුතු පන්දු යැවීමේ ඉරියව්ව ඔහුගේ අනන්‍යතාවය බවට පත් වුණා. 2001 වර්ෂයේදී පිතිකරුවන්ට දැල් වල පුහුණුවීම් කරන අවස්ථාවලදී පන්දු යැවීමට මාලිංගව යොදාගත්තත් ශ්‍රී ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයින්ට පවා මාලිංගගේ පන්දු වලට ක්‍රීඩා කිරීමට නොහැකි වුණා. මාලිංගගේ පන්දුවලට ‍ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළ අය අතර අරවින්ද ද සිල්වා ද සිටි බවයි වාර්තා වන්නේ.

මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වාර්තා රැසක් පිහිටුවා ඇති අතර, මාලිංග කඩුලු 546 ක් ඔහුගේ නමින් ලබාගෙන තිබෙනවා. මාලිංග ටෙස්ට් තරග 30 කදී කඩුලු 101 ක්, එක්දින තරග 226 කදී කඩුලු 338 ක් සහ T20 තරග 84 කදී කඩුලු 107 ක් දවාගෙන තිබෙන ලෝකයටම බිහිවුණු අති දක්ෂ පන්දු යවන්නෙක්. මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් වලදී 5 වරක් කඩුලු ත්‍රිත්ව ලබා ඇති අතර එය වාර්තාවක්. ඔහු එක්දින ක්‍රිකට් ඉප්ටියේ පිට පිට තුන් වරක් කඩුලු ත්‍රිත්ව ලබා ගැනීමේ ලෝක වාර්තාවට ද හිමිකම් කීයනවා. මේ හැරුණු විට ඔහු විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් වලදී දෙවරක්ම හැට්ට්‍රික් ලබා තිබෙනවා. එක්දින හා විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පන්දු 4 කදී පිට පිට කඩුලු 4 ක් දවා ගත් ලොව එකම ක්‍රීඩකයා ද ඔහු යි. මාලිංග එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලබා ගැනීමේ 9 වන ස්ථානයේ සිටිනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ගැන කතා කරන විට මුත්තයියා මුරලිදරන් (534) සහ චමින්ද වාස් (400) ඔවුන්ට වඩා ලසිත් මාලිංග කඩුලු ලබා තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 August 2021 12:11