June 02, 2024

මහත්වරුන්ගේ ක්‍රීඩාවෙන් පන්නරය ලැබූ දසුන්ගේ උතුම් ක්‍රියාව

ආරාධිතයන්ගේ විස්සයි විස්ස ලීග් තරගාවලියේ වීරයා ලෙස තමන්ට ලැබුණු මුදල කළුබෝවිල රෝහලට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක සඳහන් කරනවා.

රටේ තත්ත්වය පිළිබඳව ඇති අවබෝධය නිසා තමන්ට හිමිවූ සම්පූර්ණ මුදලම කලුබෝවිල රෝහලට පරිත්‍යාග කරන අතර කණ්ඩායමට ලැබුණු මුදලිනුත් කොටසක් ද ඒ සඳහා ලබා දෙන බවයි ඔහු සඳහන් කළේ.

එහිදී දසුන් ශානක ප්‍රකාශ කර සිටියේ මෙවැන්නක්,

“මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඒ වගේම ස්පොන්සර්ස්ලට මේ වගෙ තරගාවලියක් පැවැත්වීම පිලිබදව.

ඇත්තටම තරුණ දක්ශතාවයන් හදුනා ගන්න පුළුවන් වෙන්නෙ මේ වගෙ තරගාවලි වලින්. ඉතින් මන් හිතනව අපෙ තරුණ කණ්ඩායම තරගාවලිය පුරාවටම හොදින් දක්ෂතා අතර හිටිය. ඉතින් මේක තමා විය යුත්තේ.

ඇත්තටම චන්දිමාල්ගෙ ටීම් එක ගත්තොත් ජාතික තලයේ ක්‍රීඩා කරන හත් අට දෙනෙක්ම ඉන්නව. ඉතින් මම හිතන්නෙ ඔවුන්ගෙ කණ්ඩායම ඉතාමත් හොද කණ්ඩායමක්.ඔවුන්ට එරෙහිව ලබා ගත්ත ජය ඉතාම ලොකු ජයග්‍රහණයක්.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ව දැනුවත් කලා කලුබෝවිල හොස්පිටල් එකෙ වෙන යුනිට් එකක් හදනව කියලා . මේ රටේ තියෙන තත්වය එන්න එන්නම නරක අතට හැරෙමින් තියෙනව. ඉතින් මම හිතන්නෙ ක්‍රීඩකයන් විදියට අපිට කරන්න පුළුවන් දේ තමා ඒකට පුළුවන් තරම් උදව් කරන එක.

මම මගේ තරගාවලියේ වීරයාට හම්බුන ත්‍යාග මුදල කලුබෝවිල රෝහලට පරිත්‍යාග කරනව. ඒ වගේම කණ්ඩායමෙන් මුදලක් පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වෙනව මෙම කර්තව්‍යයට.”

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 August 2021 11:13