May 18, 2024

අලුත විවාහ වූ බ්‍රිතාන්‍ය අගමැතිට අමතක වුණු දේ කාටවත් නොදැනීම කැමරාවේ සටහන් වෙයි (PHOTOS)

බ්‍රිතාන්‍යයේ වසර 200ක ඉතිහාසයක් අලුත් කරමින් පළමුවරට බලයේ සිටින අග්‍රාමාත්‍යවරයෙකු බොරිස් ජොන්සන් විවාහයට පත් වුයේ හොර රහසේමය.

විවාහයෙන් දින 03කට පසුව අග්‍රාමාත්‍යවරයා විසින් අද (02) දිනයේ දී සේවය සඳහා පැමිණියේය.

එහිදී බ්‍රිතාන්‍ය නේටෝ (NATO) සංවිධානයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සමඟ මාධ්‍ය ඉදිරියේ ඡායාරූපයකටද පෙනී සිටියේය.

රහසිගතව විවාහ වී රහසිගතව විවාහ සැමරූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ විවාහය පිළිබඳව එරට මාධ්‍යවේදීන් දැඩි කුතුහලයකින් සිටි අතර ඒ අනුව ඔවුනට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට අමතක වූ දෙයක් සොයා ගැනීමට හැකි විය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් අලුත විවාහ වුණත් ඔහු විසින් විවාහ මුදුව නොපැළැඳ සිටින ආකාරය දැක ගත හැකි විය.

බොරිස් ජොන්ස් විසින් කැරී සිඩ්මන්ස් සමඟ විවාහ වීමට පෙර දෙවරක් විවාහ වී සිටි බව සඳහන් වෙයි. ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගේ පළමු බිරිඳ වන්නේ ඔහුගේ විශ්ව විද්‍යාල පෙම්වතිය වූ ඇලෙග්‍රා මොස්ටින්-ඕවන් ය. ඇයත් සමඟ බොරිස් විවාහ වී තිබුණේ 1987 වූ අතර එම විවාහය පැවැතියේ 1993 දක්වා පමණයි.

ඉන් අනතුරුව බොරිස් ජොන්සන් විසින් 1993 වසරේ දී මරීනා වීලර් සමඟ විවාහ වන අතර කාලයක් වෙන් වෙන්ව ජීවත් වූ ඔවුන් දෙදෙනා 2020 වසරේ දී දික්කසාද විය.

ඒ අනුව බොරිස් ජොන්සන් විසින් කැරී සිඩ්මන් විසින් විවාහ විය.

මංගල මුදුව නොපැළැඳ සිටි ආකාරය දැක්වෙන ඡායාරූප පහතින්,

මංගල මුදුව පැළැඳ නොසිටි අවස්ථාව

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා නේටෝ සංවිධානයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා

බොරිස් සහ කැරී යූවල

සැබැඳි පුවත -

හොර රහසේම විවාහ වී ඉතිහාස ගත වුණු බ්‍රිතාන්‍ය අගමැතිගේ විවාහයේ ඡායාරූප එළියට

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 June 2021 21:18