May 17, 2024

ක්‍රිකට් ලෝලී නෙත් කඳුළින් බර කළ කොදෙව් නායකයාගේ හැඟුම්බර කතාව මෙන්න (VIDEO)

20විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු කුසලානය අතට ගැනීමට පෙර බටහිර ඉන්දීය කොදෙව් නායක ඩැරන් සාමි සිදු කළ හැඟුම්බර කතාව ලොව පුරා බොහෝ ක්‍රිකට් ලෝලීන්ගේ ඇසට කඳුළක් ගෙන එන්නට සමත් විය.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > > 

තම කණ්ඩායම ආ මග බොහෝ කටුක එකක් බවත් තම රටේ ක්‍රිකට් මණ්ඩලය ද ඇතුළු බොහෝ පිරිස් තම කණ්ඩායම මහත් අවඥාවට ලක් කර තිබූ බවත් ඔහු ප්‍රකාශ කර සිටියේ ය.

එසේම තරගාවලියට අඳින්නට නිල ඇඳුමක් හෝ කණ්ඩායමට නොතිබුණු බවත්, ඒවා සැකසූවේ ද ඉන්දියාවට පැමිණි පසුව බවත් සාමි හෙළිදරව් කළේ ය.

තම රටේ නායකයින්ගෙන් පවා තම කණ්ඩායමට සුබ පතා දුරකතන ඇමතුම් සහ ඊමේල් පණිවිඩ ලැබුණු නමුත් තමන්ගේම ක්‍රිකට් මණ්ඩලයෙන් එවැන්නක් තවමත් නොලැබීම ගැන තමන් දැඩි කළකිරීමට ලක්ව සිටින බව ද ඔහු පැවසුවේ ය.

එමෙන්ම වගකිව යුතු පිරිස් තම වගකීම ඉටු නොකර සිටිය දී තම පුහුණුකරුවන් සිදුකළ කැපවීම සාමිගේ දැඩි පැසසුමට ලක් විය.

මෙම ජයග්‍රහණය සියළු කැරිබියානු ක්‍රිකට් ලෝලීන් වෙත පුද කරන බවයි ඩැරන් සාමි හැඬුම්බරව කියා සිටියේ.

මොන මොන පිරිස් තමන්ට කවරාකාර බාධක ගෙන ආවත් බටහිර ඉන්දීය කොදෙව්වන් යනු ජයග්‍රාහකයින් බව දැන් සියළු දෙනාම දන්නා බව සාමි අවසන් වශයෙන් හඬ නගා කියා සිටියේ ය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 April 2016 10:39