May 03, 2024

අධිෂ්ඨානයේ මහිමය ගැන ලෝවට කියා දූන් ඉන්දියානු ධාවකයාටත් කොරෝනා වැළැඳෙයි

ඉන්දියාවේ ජනතාව අතර පුරාවෘත්තයක් බඳු වූ ධාවන ශූරයෙකු වන මිල්කා සිංග් හට කොරෝනා ආසාදන වීමෙන් අනතුරුව රෝහල් ගත කර තිබේ.

91 වැනි වියේ පසුවන මිල්කා සිංග්ගේ තත්ත්වය සාමාන්‍ය බවට ඔහුගේ පුත් ඉන්දීය ගොල්ෆ් ක්‍රීඩක ජීව් මිල්කා සිංග් විසින් මාධ්‍ය වෙත පවසා තිබේ.

ඔහුගේ තත්ත්වය අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යේෂ්ඨ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුම යොදවා ඇති බවද වාර්තා වෙයි.

ඉන්දියාව ඔලිම්පික් ක්‍රීඩා තරඟයක අවසන් වටයක් සඳහා ගෙන ගිය පළමු මළල ක්‍රීඩකයා වන්නේ ද මිල්කා සිංග් වන අතර ඔහු 1960 වසරේ ටෝකියෝ ඔලිම්පික් උළලේ මීටර් 400 අවසන් තරඟය සඳහා සුදුසුකම් හිමි කරගත් අතර ඔහු එයින් සිව්වන ස්ථානය දිනා ගත්තේය.

මිල්කා සිංග් ඉන්දියාවේ ඉහළම රාජ්‍ය ගෞරව ලැබූ පුද්ගලයින්ගෙන් කෙනෙකු ද වෙයි.

Rate this item
(0 votes)